Wednesday, July 30, 2014

දයබර වූ උතුම් හදවත...

නොනිමෙන හිරු මෙන් මගේ ලොවේ
රැදී.....
ගිනි ගෙන දැවෙන හදවතට දයාවෙන
හිත නිවාලූ.....
නෙතේ කදුළු ඔබ අරගෙන් ..
මගේ මුවගට සිනා ගෙන ආ.....
නෙත් ඉමේ ඇති මත් සිසිල ඔබම පමණි මගේ ලග
රැදී
දෙවගනකි ඔබ මට....
ජීවිතේ දුක සතුට ලග එක ලෙසම හිද...
තනි නොවූ බව මට කියා දුන්...
දෙවන බුදුන් මට ඔබයි මගේ අම්මා............
බුදු ගුණයට පමණක් දෙවෙනි වූ..
ඔබේ දයාවේ බල මහිමය
මා මේ ලොව් රජ කරවන්නට පමණක් නොව .................
නපුර පරදා..,
සත්‍ය රජ කරවන්නට
 තරම් ශක්තියක් ඔබ සතුව ඇත...
විසිතුරු මල් පිපෙන තුරු වදුලක සුවද මලක් විලස සුද දෙන්න මගේ අම්මේ..
මේ බවයේ පමණක් නොව උපදින්
හැම බව්යේම මගේම
අම්මා වෙන්න පතමි මම
හැම මොහොතේම.......

මගේම ලගින් ඉදන් මට මහමෙරක් තරම් ආදරේ දෙන මගේ අම්මේ මේ ලෝකේ මට ඉන්නේ ඔය විතරයි කියල ඔය දන්නවද.........

ආදර මන්දාකිනි...........................

මන්දාකිනි..............
මල් කැකුලක් අතින් අරගෙන ,
පිනි කැට වැටෙන 
හිමිදිරි උදැසන...............,
අහිංසක දෑසින් සිනා සෙන..
පුංචි සිත්තරාවී......
මට ඔබේම වන්නට ඉඩ දෙනවද....
අහිංසකාවිය ඔබ...
මගේම 
මන්දාකිනිය පමණි ඔබ................................

කොහේදෝ ඉදන් එන සිහින් සුලන් රැලි දගකාර කෙස් රෝදේ පැටලුනේ සුදු කමුල් දෙකට කෝල බවක් ලබා දෙන ගම්න්ය... කොන්ඩ එක කරල් දෙකක් වෙන්න බැදලා ඉස්කෝලෙට යන පුංචි සුරංගනාවි දිහා  නන්දා බලන් හිටියේ අහිංසක ආඩම්බරයක් හිත් කොනක රන්දගනය...ඉරණම කොහොම නපුරු කම් කරත් සැනසිමකට තියෙන්නේ දරුවෝ දෙන්නගේ මුනවල් බලන එක විතරයි........


අම්මා ........................,
මම ගිහින් එන්නම්...
අම්මගේ කෑම මේසෙට තියල තියෙන්නේ...
උණු වතුරත් රත් කරලා තියෙන්නේ...
සුමනා නැන්දා අවම තේ ටිකක් හදවගන්න.....
අම්මා මමයි,මල්ලි එනකන් පරිස්සමින් ඉන්නට ඕනේ....
දවලට තියෙන බේත් ටික වෙලාවට බොන්න අම්මා..

මගේ පුතාලට රත්නත්‍රයේ පිහිටයි!!!!..

හිත හිරි වෑටෙන ලොබ කමින් නන්දා කෙල්ල යන පර බලන් හිට්යෙ හෑමදාම හුරු පුරුදු කදුලු කෑට ඈස් වල රදවගෙන..

හිත් පින් නෑති අහස යට ජීවිතේ සොයා ගිය අපේ කලේ මන්දකිණියක්
කෙසේ ජීවිතයට මුහුන දෙවිද,,,????

Tuesday, July 29, 2014

මිතු අමි................

මේ රළු බිමේ 
අහබු  ලෙස හමු වූ මා දයාබර  මිතුරියේ... 
  මුණ ගැසුනා පුදුම ලෙසට...... සුපුන් සද ලෙස සිනා සී...
  පායා  ඇවිත් ඔබ.....මිතුරන් වුවා නේද අප.....සද කල් අහසේ පායන සුපුන් සදකි
මිතුරිය ඔබ මට...
සහෝදරියක් නැති මට සහෝදරියක් වුවා අරුමයක් 
ලෙසට....................... 
ඔබ සදාකල් මගේම නැගණියි,,,,,,
නොනිමෙන හිරු වෙමු මිතුර අප හැම දින..................

මිතුර නමින්

පලු නන්නදුනන්න පුරවරේ... 
 නොදෙක හිටිය නමුත්.......... 
රැදී සිටි ගම පියසේ මුණ ගැසුනා පුදුම ලෙසට......
 උදුල සද මඩලක් ලෙසට පය ඇවිත් ඔබ.....
මිතුරන් වුවා නේද අප.....
සද කල් අහසේ පායන සද මෙන් නොව...

නොනිමෙන හිරු වෙමු මිතුර අප හැම දින..................

Monday, July 28, 2014

දුක විමසන සැන්දෑවක .....................

කළුවර වූ මගේ දිවියට............
සද එලිය පායා ආ කල සද එලියට
බොහෝ සේ පෙම් කළා මම................
නමුත්..,
මට අමතක වුනා අමාවක
ලග බව..............
හිත හැදුවත් දැන් මගේ...
කවදාවත් ඔබ සද එලිය නොව
කණා මැදිරි එළියක් හෝ වී
 යලි නොයන  බව දනිමි මම....
සද කල් අදුරු දිවිය සැපතකි දැන් ආලෝකයට වැඩිය,.....................